Monday, November 18, 2013

ඉනික්බිති

රැසිරැ වරණින් සැදුනු සූසැට සමුලු මංගල     පාවුනා
දසත සිට ආ නේක දන මන බැන්ද කාරන   සිදුවුනා
අපට වින කල කරන කියනා මන්ද කාරණ මඳ වුනා
අපේ හදවත දැවෙන ගිණි සිඳ මදක් අවසර   යාවුනා

ඉනික්බිති අප කරන කාරිය සැමට සුවදෙන ඉඩක්            වේවා
දනට වැඩ වන බියෙන් තොර වුන දැහැමි ගුණ පිරි දැයක් වේවා
දමිළ යෝණක සිහළ උරැමය එකට කැටි වුනු රටක්         වේවා
මගේ මව් බිමෙ සියලු දන මන නිවුන ගුණයෙන් අසිරි      වේවා


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්


 

No comments:

Post a Comment