Friday, November 8, 2013

කාව්‍ය (පොඩි) ගෙ ලෝකය

පොඩි වුනත් ලොකු ලොවක
සිහින දකිනා ඔබට
උගන්නට කරන්නට
කරැණු කාරණ ඇතිය

දුටු දෙයට ඇසු දෙයට
ලොබ නොවී විමසු ඇස
යොමා ඔබ සැරසෙන්න
මිනිස් බව මැනගන්න

පුංචි මනසින් කරන
විකුම් වැඩ වඩාගෙන
සියලු ගුණ සියලු සවි
සරා මිනිසකු වන්න

රෙන්ටන් අල්විස් ලිව්වෙ
 

No comments:

Post a Comment