Friday, January 17, 2014

මතට තිත හා තිත්ත ඇත්ත


තිත්ත ඇත්ත මැන බලන්න තිත  තිබ්බට කොයි
පෙරට වඩා පෙරනවාලු        හොයාගන්න වෙයි
මැතිවරණය ලං වෙනකොට   තව තව  පණ එයි
බීපු ඈයො කරපු කෙරැම්            ආශ්චර්ය වෙයි

ඇත්ත තමයි සිගරට් දුම බද්ද       නැගල දොයි
ඒ වෙනුවට මත්කුඩු වැඩ        දෝර ගලන් එයි
අපචාරය ගැන තොරතුරැ       දස අත පැතිරෙයි
බණ අහන්න බණ කියන්න   පැනල කාසි දෙයි

තරැණ මනස් විකාර වෙන  වැඩ කටයුතු වෙයි
යාන වාන ෆාස්ට් කාර් මුල්            පුටුවට එයි
රාත්තිරියෙ පාලු යන්න නැටුම්     ගැයුම් වෙයි
මත් වුනාම පනුවො වගේ       අඟර දඟර දෙයි

බලසේණා අටවාගෙන          බේද බින්න වෙයි
බුදුන් දෙසූ සද්ධර්මය             පෑල දොරින් යයි
කරනා කම් වෛර දරන්         අදමිටු ගුණ දෙයි
කැඩපත රැව බැලුන කලට     සේ රැව දිස් වෙයි

කරාපු හොඳ කැපිලා යනව    මතේ  විපත සෙයි
යොවුන් බවේ අසිරිය මත කුඩු        අදින්න යයි
දහම් ගුණය පාගාගෙන             අදහම නැග එයි
අහස පිසින වර්ධණ වැඩ කුමණ ඵලක්      වෙයි

රජුණි බලනු මැන නැණැසින් කාරියෙ රඟ සෙයි
කපුටන්ග කටයුතු මත          වර්චස් වැඩ වෙයි
නිසි ඔවදන් බර නකරන නිරිඳෙකු  නොම වව්
රටට දැයට යුග මෙහෙවර කරනා        වැඩ මැයි !

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
2014 ජනවාරි මස 17 වැනිදා, ‘මතට තිත’ පිළිබඳ සංඛ්‍යා දත්ත අඩංගු පුවත් පත් ලිපියක්  කියවීමෙන් පසු....




 

No comments:

Post a Comment