Sunday, January 12, 2014

ඉක්කයි මමයි

"ඉක්කයි මමයි ගාලු ගියා,
ඉක්කා තියලා මං ආවා"

ගාලු යන්න ඉක්කා එක්ක හිතුවෙත් නැහැ   මං
ඉක්කා හලල ආයෙ එන්න පැතුවෙත් නැහැ මං
ආදරේට කෝල හැඟුම් එක් කලාද              මං
ගාලු කොටුවෙ පච ගහ යට බලා ඉන්නෙ උන්

හිතේ බුරන ගිණි කන්දර දරා හිටියා            මං
දෝර ගැලුව සෙනහසෙ පැන් රහ බැලුවා    මං
යස ලකේට ගල් අතුරපු පොලෝ පොඩ්ඩෙ මං
හබ බඳින්න නඩු කියන්න බලා උන්නෙ   උන්

මොකා උනත් අපේනෙ බං නොරොක් වුනත්    මං
කොළ කරදහි නඩු කිව්වට හිතේ දුකට              මං
බුලත් විටට හුණු පොඩ්ඩක් ගන්න යනවා          මං
උස් මිටි තැන් කොහොම වුනත් අපේ උන්නෙ  උන්

පච ගහ යට එදා උන්න බුලත් අම්මා        කොයි
විටක් කාලා කෙල ගහන්න අවසරයක්     කොයි
හැම දෙයක්ම විපරිත වුන අසිරි ලොවක්   කොයි
ඉක්කා එක්ක ගාලු ගිහින් පච ගහ යට       දොයි.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
2013 ජනවාරි 12 වනදා


 
 

No comments:

Post a Comment