Thursday, January 9, 2014

දිරිය මව් සැමරැමක්....


දිවිමඟේ සියලු දුක විඳ දරා                     සැනසෙන්න
දරැ සෙනේ සාර දම හිස දරා                     වැජඹෙන්න
උන් සෙනේ කැකිරි කැට පැලෙන කල හිනැහෙන්න
නොපායන හිමිසඳුට තරැවක්ව                   දිළිසෙන්න


තරැ පොකුරැ මිටක් ගෙන සහන සුසමක්         වෙන්න
ගිණි ලිපේ උනුසුමින් දරැ සෙනෙහෙ      පණ දෙන්න‍
ගැට ලිහා දිවි පෙවෙත සාර                 යායක් වෙන්න
පෝරණේ පිලිස්සෙන සිහින මල්               විඳ ගන්න 

අහිංසක මුවක සේ ලස්සතට                      හිනැහෙන්න
කුරිරැ දුක් වේදනා විඳ දරා                                ඉවසන්න
කම්කටොලු තුනී වී පාව යන්නට                      දෙන්න
දරැමුවඟ හසරැලින් ඔබ සිහින                           සරසන්න


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
2014 ජනවාරි මස 03 වන දින

 
ජයසිරි මග චිත්‍රය - මව සහ දරැවා



No comments:

Post a Comment