Sunday, September 8, 2013

සෙනෙහසට කුසුමක්


ජීවත් වන්නට
උන් ජීවත් කරවන්නට
කුරිරැ ලොවක
වද හිංසා අවලාද මැද
තනිවුනු ඔබ දරනා වෙර
නිති විඳිනා නින්ද අපහාස
සිත තලනා මුගුරැ ගල් මුල්
සෙනෙහසේ වියරැ වදනින්
පෙරැන පැන් ඉසුනු කුසුමන් වී
රැඳේවා ඔබ පාමුල ...

යකුණි! ඇය ගැහැණියක
ඇට මසින් හා සෙනහසින් සැදුනු
ඇය මවක වරක බිරියක
වරක අබිසරැ ලියක
කිසාගෝතමියක පටාචාරාවක
තව වරෙක සුජාතාවක
ජීවත්වන ජීවත්කරවන
පරපුර රකින බිජුමුල් පුබුදුවන
ඔබේ ඔය දයාබර සෙනෙහසට
පුදමි කුසුමක් පාමුල...

නූතනයේ කුවේණියණි ඔබ.


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්


A shared  Google image

No comments:

Post a Comment