Wednesday, September 4, 2013

නාව නෑනණ්ඩිට ...



 එනවා කීවට ආවේ        නෑ
 බලාන උන්නට වැඩකුත්  නෑ
 කරාපු කාරන ඵලයක්    නෑ
 වැඩයැයි කීවට වැඩකුත් නෑ

ඇවිත් යන්න යන්න  එන්න
නිකන් ආව බව    කියන්න
හුරතලේට හිනා    වෙන්න
හදපු හැලප කාලා  යන්න

කහට උගුර කට  මදින්න
හකුරැ සමග බීල  යන්න
උලුවස්සට බරක් වෙන්න
ඈත මෑත බලන්    ඉන්න

මාමණ්ඩිට පසක්  වෙන්න
නැන්දම්මට උදවු වෙන්න
මගේ බහට  ආ වඩන්න
නෑන්ඩියෙ ඇවිත්  යන්න

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්







No comments:

Post a Comment