Wednesday, September 18, 2013

නිහඬ හඬ

බලාඉන්නෙමි අසනු රිසි හඬ
කොවුල් ගීයක මිහිර විඳිනට
නුදුටු නුපුරැදු දසුන් දුටුවද
අකුණු සැර සිත සසල කෙරැවද?

ඇයිද කෙවිලියෙ අහස සරනට
තහංචිය වැහි වළා දුටුවද
සවන හඬවන මියුරැ පදවැල්
ඇසුන ගීයෙන් හලා ලූවද?

සාහිතේ රස බෙදා දුන්නද
කුඩාවුන් සිත් සතුටු කෙරැවද
අකැප තෙපුලෙන් හද බිඳීලද
නිහඬ වූ හඬ දැන් ඇසේවිද?


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්




No comments:

Post a Comment