Thursday, September 12, 2013

මගියකු වන මා...



සරන මඟ මගිකු       මා
පුහුබුවකු සොයනා මග මා
අසරණව සරණ පතනා මා
සුදු යැටිය මග දමා ආ  මා

හුලු අතු නිවා දැමු      මා
අඳුරේ අඳුර දකිනා    මා
පය පැටලී ඇද වැටුන මා
වාරැවෙන් යලි නැගුන මා

මල් සුවඳ විඳිනා     මා
කුරැලු ගී ගයනා      මා
පවන් සුව සිපිනා     මා
හිරිකඩට තෙමෙනා මා

විඩාවෙන් විය පත්          මා
දරැවන් හා දරැවකු වන මා
සෙනෙහසට කඳුළක්      මා
මග නොදැන මඟ සරන  
                        මගියකු මා....


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්




No comments:

Post a Comment