Tuesday, September 3, 2013

කවියක් නෙවි .... වැහි පොදක් වැටුන සතුටට ලියන හිතුවිල්ලක් විතරයි

කාෂ්ඨක පෑවිල්ලෙන් පස්සෙ
අද වැහි පොදක් වැටුන
පොලව දඟට තෙමුනෙ නැතුවට
පොකුණෙ ලූල්ලොයි, ඉබි පැටියොයි
සතුට දරාගන්න බැරැව
ඉහ උස්ස උස්ස බලනව.

ඊයෙ අපි දුටුව
පැහිල තිබ්බ ගොයම් කපන්න බූතයෙක් දාලා තිබ්බ
ඒ මුල්ම බූතය මේ කන්නෙට
එයා ආව හින්දද දන්නෙ නෑ වහින්නෙ
වැඩ ඉක්මන් කරගන්න
කපන්න කවුරැවත් නැති හින්ද
බූතයො රජ වෙලා.

එහා ගෙදර මලගමක්
කාලෙක ඉඳන් ඔත්පලව
එක්තැන්ව උන්න අහිංසක
හොඳ මනුස්සයෙක් වියෝ වුන
ගමම එක්තැන් වෙල සරසනව පාර 

සුදු පාට කොඩි දාලා
කඩිසරව වැඩ හරිහරියට
වෙනදට උදාසීනව උන්න ඈයොත්.


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්






No comments:

Post a Comment