Saturday, August 3, 2013

රැවක සේයා

දකිමි සඳවත
සුපුන් පොහොයක
දිලී හිනැහෙන
තුරැ ලතා අග

වැටී නැලවුන
බෝ පතක් සේ
පතිත වී ඇත
සුමුදු වැලි මත

ඈත නුවනට
විහිදිලා ඇත
මෑත ගං තෙර
සනිටුහන් කොට

සැලෙන දිය මත
ඔබේ රැව බැඳ
සලන සේයා
මන බඳින විට

බලා හිඳිනෙමි
නොඑන ගමනක

සරා යන ඔබ
රැව දිලෙන සඳ

ලිව්වෙ රෙන්ටන්  අල්විස්


No comments:

Post a Comment