Saturday, August 24, 2013

දී කිරි .... දී කිරි

(මෙය කවියක් නෙවි. දෙස්පලුවන්, නීතිවදීන්, අලවිකරැවන්, මාධ්‍ය කරැවන් හා පෂණවදීන්, කෘෂිකාර්මිකයන් හා අනෙක් එවන් අය දැන් සැරට කතා කරන පිටි කිරි හා දිය කිරි විවාදයට මග අහිංසක ස්ථාවරය එක් කරන්න ගොතාපු පද වැලක් විතරයි)


කිරි එරැනද කිරි අම්මේ

පිටි කරන්න කල් තියන්න
දොවාගත්ත දිය කිරි මදි
පොඩිඑවුන්ගෙ තොල ගාන්න

පිලිකන්නේ ගව මඩුවට
වින කෙරැවේ අහේනියට
ෆාම් එකට ගාල් කෙරැව
තාක්ෂණය අත්විඳින්න

උන්ගෙ උන්ට දිය කිරි මය
මේද සමග දොරකඩටම
අපේ උන්ට පිටි කර කර
හප එව්වා නැව් පිටින්ම


සුන්දර ගී කතා ගොතල
නානාවිධ ඇසුරැම්වල
අම්මලාට හීන මවල
මිළක් ඉහල නියම කරල


පිටරට දේ සිරි සැප දේ
අපෙ හරක්ට කියා දීල
උන්ගෙ පිටෙන් මාර්කට් කලෙ
පරපුරකම හයි හත්තිය

උලා කාලා තණ බිම්වල
වසවිස නැති ආහාරය
කිරි අම්මා වහු පැටියට
ආදරේට කිරි හැදුවා


එයා බීලා ඉතුරැ වෙච්ච
කිරි දොවලා උණුකරලා
පොඩි එවුන්ට බොන්න දෙන්න
අනාගතය සරැ කරන්න.

ලිව්වෙ රෙන්ටන් අල්විස්
 
නිදහස් ගූගල් ඉමෙජයක්
 

No comments:

Post a Comment