Friday, July 26, 2013

දෙටු දියණියට


හිතින් හඟිනා
මියුරැ දසුනින්
දකිනවා ඔබ
නිතර ඉඳ හිට

ගතින් දුරැ රට
ඈත ඉම් තෙර
දියණියේ ඔබ
පිදූ මල් මිට

කබා ඉරැනට
පාලු දැනුනට
මගේ සිත ඔබ
සරා සඳ බට

ඇවිත් යන්නට
නැවත එන්නකො
හදාගෙන ඉඩ
ඉන්න ටිකකට

ලිව්වෙ රෙන්ටන් අල්විස්

No comments:

Post a Comment