Wednesday, August 7, 2013

විල් උයනක හිඳ ...

සොබාදම් මව හැදූ විලකට
සමව නිමැවුන විල් තෙරක හිඳ
සොබා සිරියට ආවඩන්නට
දිනක දෙදිනක අවසරය විඳ

පොකුණ ඉම පැන කුටිය තුල වැද
මැඩිය ඔබ හා බහ දොඩන්නට
සුදට ඉගිලෙන දුකින් හඬලන
කන කොකුන් හා පෙම් බඳින්නට

විලේ පිපි පියුමනට හද බැඳ
උන් ගයන ගී අසා ඉන්නට
සරන අරණේ සත්කාර සුව
සැලෙන දිය මත විසිර යන්නට

උදය අසිරිය බටිති කැල හා
මගේ කුටියට රැගෙන එන්නට
ඈත අහසේ වළා පොකුරක්
විල් දියේ බැස මුමුනනා විට

හෙට දිනේ ඉම එතෙර යන ඔබ
පොදි බැඳන් යන සොඳුරැ සිතුවිලි
විල් තෙරේ හිඳ ගැයු විහඟ ගී
සමග ඔබ හා අරන් යනවද?

 
ලිව්වෙ රෙන්ටන්  අල්විස්


















No comments:

Post a Comment