Sunday, August 4, 2013

ආ මග මගිය

ගියද මා ඔබ හඹා පසුපස
මගිය ඔබ මා අතැර ගොස් නැත
දැකිය හැකි මුත් ඔබේ බරපොදි
දරන්නට බර නොහැක මා හට

සරන මේ මග කටුක වූවද
මගිය මා ඔබ සමග එන්නට
විත් ගයන්නට සෝක ගීයක්
ගිවිස ගත් ලෙස පසක් කර ඇත

අතරමග රැඳි මියුරැ ගී පද
අතු රිකිලි අග වියලිලා ඇත
බැඳුනු කටුකොල් සේ මකුලු දැල්
මගේ ගත සිත සසල වී නැත


ලිව්වෙ රෙන්ටන්  අල්විස්



No comments:

Post a Comment