Tuesday, August 27, 2013

මනස් විල පිපි පියුම



වන පලස තුරැ වදුල
හිරැ පවන සිසිල දෙන
තෙත බරිත සාර පස
ගැඩවිලන් කම් කරන
ඉපදිලා සරැව වැඩ
වියලිලා දිරා යන
සිතුවිල්ල යම් සේද ...

එවන් සිතුවිලි තුලින්
පණ ලබන ජීවයක්
නැගි නැගී සරැ කරයි
මනස් විල සාරබිම
සොබාදම් මවුණි ඔබ
හැඩවන්න සරසන්න
බවුන් වඩවා ඉන්න ...

ලකල් විල මත පිපී
මනස අප පුබුදුවා
හිරැ සිසිල පවන විඳ
නිතින ඔබ දිලෙනු මැන ...

 ලිව්වෙ රෙන්ටන් ද අල්විස්




No comments:

Post a Comment