Tuesday, July 9, 2013

මිය ගිය අත්තම්මාට


අනේ මගේ අත්තම්මේ
මාත් එක්ක මෙහෙම ඉන්න
උනුහුම් සුවඳත් එක්කල
හැමදාමත් ඒ වාගේ

තාත්ත මට බැන්න දාට
අම්මා සැරෙන් රැව්ව දාට
අත්තම්මගෙ ඔඩොක්කුවට
එන්න ඕන සැහැල්ලුවට

ළමයි එක්ක දබරවෙලා
ගවුම ඉරන් ආව දාට
ඩාන්දාලා වහන් ඉන්න
අත්තම්මේ මෙහෙම ඉන්න

ඉස්කෝලෙදි ගුටිකෑවට
දඟයි කියල පද බැඳුනට
ඔබේ හාදු වරැසාවට
ඉමක් කොහෙද අත්තම්මේ

වතුසුදු මල් කඩා ගන්ත
සුදු පිරැවට සැදී ඇවිත්
පෝය දාට අපි ඔක්කොම
පන්සල් යමු අත්තම්මේ

මිගදායේ මුවගොමුවේ
මෙත් බුදුන්ගෙ බණ මඩුවේ
බණ අහන්න යන්න නේද
බලන් ඉන්නෙ අත්තම්මේ

නිසොල්මන්ව නිදා ඉන්නෙ
බොරැ තරහක් අරන් නේද
හැමදාටම මාත් එක්ක
ඉන්න මගේ අත්තම්මේ

ලිව්වෙ රෙන්ටන් අල්විස්
 
රැව උපුටා ගැනීම ගූගල් හරහා dinamina.lk
 

No comments:

Post a Comment