Sunday, July 21, 2013

සඳකි ඔබ මා සසල කල සිත


සිනාසෙන සඳ වුවන මුකුලිත
මකත ඉම තෙර පුදසුනේ හිඳ
මුකුලු කෙරැවේ නුවන් අග රැඳි
එකම කඳුලේ පහස විඳලද
කුමරියේ ඹබ සළඔ පා යුග
නගන රිද්මය අසා සිටි සඳ
සඳේ සවනැස් සුමුදු සිසිලස
ඔබේ සිත් මල් අවදි කෙරැවද?

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්




No comments:

Post a Comment