Wednesday, July 24, 2013

නොදිටිමි ඇසළ සඳ


වැහි අහසෙ අඳුර
ඇසළ සඳ අද ගිලගෙන
හෙට දිනක දිගෑදෙන කර්කෂක
කලු ජූලියෙ අමිහිරි තිත්ත මතක
කඳුලු වරැසාවක් වෙලා
උතුරටත් දකුණටත් එක වාගෙ වැටෙනවා
දෙවුන්දර ප්‍රදීපයෙ කඩින් කඩ ආලෝකෙ
ඈත ක්ෂිතිජයෙ ඉමදි
සහන් සිත් මැවු සිහින
ඔරැ කඳක දවටලා
පා කරලා එවනවා.


ඊයෙ
(ජූලි 22) රෑ මාතර නගරයෙ අවන් හලක කවුලුවකින් බලාන
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

නිදහස් ගූගල් ඉමෙජයක්

No comments:

Post a Comment