Wednesday, July 10, 2013

සුදු රෙදි හොරා


කුරැල්ලනේ! කුරැල්ලනේ!

ඉස්මත්තේ වහල ඉන්න
පෝය දාට සිල් ගන්නට
සුදු රෙද්දක් වනල තිබ්බ
හොරෙන් ගත්ත හින්ද නේද
නමක් නුඔට පටබැඳුනේ

ලස්ස ගණන් ගිලන් අයට
බොන්න කියන බෙහෙත් පෙත්ත
පාට පාට වෙළඳ නාම
අසුරවාලා සීල් ගහල
ඉහල මිලක් නියම කරල
කලු කඩේක ලාබ ගන්න
හොරෙන් ගත්ත සිල් රෙද්දට
කුමන නමක් කියනවාද

සමාජ වගකීම කියල
බයිලා වයලා නැටුම් නටල
කුට්ටි පිටින් ලාබ ගන්නෙ
නීති පොතේ කොළ ඉරන්නෙ
මැජික් වලින් නැති කරන්නෙ
ගිලනුන්ගේ හීන නේද

හොරෙන් ගත්ත සිල් රෙද්දට
කල්ප ගනන් බ්‍රෑන්ඩ් වුනා
රැපියල් සත හොරෙන් අරන්
අසරණයන් පෙලා ලූව
ඔසු හොරැන්ගෙ මාෆියාව
සත්ගුණවත් රෙදි ඇඳගෙන
යසට සැදී සිල් ගන්නව
සිල් අරගෙන බණ කියනව


ලිව්වෙ රෙන්ටන් අල්විස්
 
නිදහස් ගූගල් ඉමෙජයක්
 

No comments:

Post a Comment