Monday, February 25, 2013

ඒ දිනේ ...

කියන කියුමන් කරන කාරන වලට සම වුන     ඒ දිනේ
සරන සිතුමන් ලියන කරදහි පසෙක වැටෙනා  ඒ දිනේ
නැගෙන සිනහව සොඳරැ පියුමක සිරිය ගන්නා ඒ දිනේ
එන්න මිනිසුනි එන්න විඳිනට කියපු කාරන      වූ දිනේ

ලොවක් දිනුවට සිතැඟි කුසුමන් පරව ගියහොත්   මේ දිනේ
කරන කාරන කියන කාරන පසක ලෑවොත්          අද දිනේ
දහම් සුවඳට දුඟඳ ධූමය එක්කලොත් අප            පෙර දිනේ
කොහොම යන්නද කුඩාවුන් හට සදන්නට ලොව පසු දිනේ


රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 පෙබරවාරි 05 වනදා
 

 
පොඩිගෙ පරිගනක චිත්‍රයක් ... උන්ගෙ අනාගතය ගැන ....
 

 

Sunday, February 24, 2013

Celebration

by Renton de Alwis


Cause reason goodness
heart filled flowing joy
blooms morning rays
celebrate rising sun

Lock both hands pray
take hold drops of dew
colours rainbow spread
celebrate moment of truth

Say no more no less
whisper soft if you must
rise above water's edge
celebrate silent sighs

Sit deep sit tight
close eyes mind feel
wonder of falling rain
celebrate twinkles celebrate stars

Give praise where due
hold soul let flow
see feel mind's eye
celebrate love with all it’s faults



24th February, 2013
 
 
Shared Google Image

Friday, February 22, 2013

එදා මෙදා සුසුම

එදා සුසුමයි මෙදා සුසුමයි
එකම සුසුමද බෙදුනු අඩඵල
සදා දවනා ගින්න කුස තුල
ලන්න ඕනද දරා මල්ඵල
පහන නිවුනද හිමි සඳුගෙ ගුණ
සරා සිත මා පහල වූවද
කුඩාවුන් හට පිහිටවන්නට
යන්න වෙනවා සරා මහමග

හිමිට මිස අන් වෙනත් අයෙකුට
නොවුන ගැති මා කිසිම දවසක
සිරැර සලලුන් උකස් කරනට
ඔට්ටුවූයේ සුසුම් හිර කොට
උන්ගෙ දහඩිය දුඟද මතකය
මුදල් කොල මත අත්ල ගුලි කොට
අරන් හනිකට පැලට දිව්වේ
කුඩාවුන්හට අහර පිසිනට

කුරිරැ වදනින් මනස පෙලුවද
දනන් මා ගත උරා ගත්තද
වෛර ගින්නෙන් දැවෙන මා සිත
උන් දවන්නට රිසි වුනේ නැත
කුඩාවුන් වුවනතේ සිනහව
මකාලයි එම කුරිරැ මතකය
එදා සුසුමයි මෙදා සුසුමයි
එකම සුසුමක බෙදුනු අඩඵල.

රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 පෙබරවාරි 22 වෙනිදා.



බෙදාගත් ගූගල් ඉමෙජයක්

Thursday, February 21, 2013

Maname - Premayen Mana Ranjitha We

 

ඔබ දරැවන් හා සමග නිසි ලෙස බෙදා ගැනීම ඹබට බාරය ...

 

To share with your children; gems from our theatre in its golden era ...

 
Scene from Maname : Pix from Buddhist Art News Blog


කරැනාකර පහත ලින්කයට පිවිසෙන්න:

Please click on the link below:

http://www.youtube.com/watch?v=_UX2tFGWvPU




 


The Recital

By Renton de Alwis

Filled hearts
oozing joy
minds tossed
with beats
corridors wide
touched feel
warmth of deep
deep thought
touched chords
taste of sweet
sweet love
touched veins
warm with blood
blood oozing pain
sing sing thy song
please piece my soul
fill fill my heart
with solo song
.

21 February 2011


 
Shared Google Image

පියුම් විල සඳ වුවන

සඳ සිසිල තරැ ගනින
රාත්‍රිය නිදිවරා
සරා ගිය හිතුවිල්ල
සසල සිත නිදිකලා
හොරෙන් මා යහන මත
වෙලුන කිරණින් එහා
සඳ වුවන පියුම් පෙති
තරැ අතරගොලු වුනා

එන නොඑන වළාකුලු
සිහින ලොව බොඳ කළා
පියුම ඔබ වුවන දැක
පලාගොස් සැඟවුනා
නිසල හඬ නිසල රැය
සෝක ගීයක් ගයා
සඳ වුවන පියුම් විල
මත පිපී හිනැහුනා

රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 පෙබරවාරි 21 වෙනිදා.
බෙදාගත් ගූගල් ඉමෙජයක්

Wednesday, February 20, 2013

Childhood dreams

I had a dream.
Not one many
I had dreams
not of becoming a doctor
engineer, teacher or lawyer.
Of butterflies
roaming in the wild
to fill my life
paint in water colour
soft shades
rainbows
fly a kite
watch it reach clouds
snake bat peacock
shape make skies
like my father
ride bicycle
each day back and forth
home to work
work to home
like my mother
cook meals
for all
make it taste
greatest ever
eat after all others
scrape the bottom
the pots and pans
like my uncle
Daha mama
who bit off words
of each page alphabet
each day at school
and dropped out
to love
my cow and calf
give them grass and water
like my aunt
Sudhu amma
care to bring
bags of
kirala
on Sundays from Panadura
like my other uncle
Eddie
mama
be the chandia
of the village
fight all evil
wipe it clean off
the face of the earth
I had dreams
had dreams!



By Renton de Alwis

Shared Google Image. Credit: Mark Anthony P Manalang

Tuesday, February 19, 2013

To share with your children; gems from our theatre in its golden era ...

අප නාට්‍ය කලාවේ රන්මය යුගය තුල වුනු නිර්මාණ සිහිපත් කිරීම මේ ‘සරන සිතුවිලි’ නවාංගයේ අරමුණ වේ.

අද කුඩා දරැවන් දෙදනෙකුට සිංහබාහු නාට්‍යයේ “ගල් ලෙන  බිඳලා” ජවනිකා දර්ශණ, මා කොම්පුටරයේ පෙන්වූ විට උන් ඉන් ලද රසය දැක, අප, අප බාලයන්ගේ මනස් වලට හර බාල සමහර දෑ, රෑප පෙට්ටියෙන් පෙන්නා කරනා වින, තරමකින් හෝ අඩු කිරීමට කල හැකි තවත් දෙයක් ලෙස, උන් මනස් මේ අනඟි නිරමාණ වෙත යොමු කිරීමට සිතා ගතිමි.

මා විශ්‍රාමික හෙයින්ද, මා ලද නිදහස් අධ්‍යාපනයේ පිනට මා රටට කළගුණ පිදිය හැකි / යුතු තැනක, කාලය මුදලට නොවිකුණන දිවියේ කාල පරාසයකත් සිටිනා හෙයින්ද,  මේ සරැ දෑ දෙමාපියන් වන ඔබ හට එත් තැනකට යොමු කරලීම මට කල හැක. ඒවා ඔබ දරැවන් හා සමග නිසි ලෙස බෙදා ගැනීම ඹබට බාරය.

එය මට සතුටක් වනු ඇති අතර අප දූ දරැවන්ට මෙහෙයක් වනුද ඇතැයි මට සිතේ.

මේ මාගේ වෑයම පිළිබඳ ගුණාගුන දැක්වීමටද ඔබට ඇරයුම් කරමි.

Today, I showed a ‘Youtube’ video of Prof. Sarathchandra’s epic theatrical production of Sinhabahu to two children and it was the scene of the song ‘Gal Lena Bindala’. I was amazed at the very positive response they had for it. They loved it and wanted to know more about it. This made me think that, if we are able to responsibly share good things with our kids,  that could possibly be one of the ways by which we can reduce the negative impacts they have from some of the content on our television screens.
I am now retired, have time on my hands that I will not sell, and wish to repay the debt I owe my country for the free education I got, I am in a position to collect these gems and present them to you. I appeal to you to share them with your kids in way you deem fit and make use of it as an opportunity to sensitise them to its appreciation.
For me it will give me joy and hope will find it useful for your children.
I also invite you to share your comments (positive and negative) on this effort of mine.

කරැනාකර පහත ලින්කයට පිවිසෙන්න:
Please click on the link below:

http://www.youtube.com/watch?v=RSP4kVfjowA


සරත්චන්ද්‍රයන් හා සිංහබාහු
Source: Shared Google image Thirdeyesouthasia  blogspot
 
 

 

සංහිදියාව

“මගෙ විදියට උඹ හිටියොත්  හැම විට
දෙන්නට හැකි මට සම තැන ඔබ හට
වෙනසක් දුටු තැන යමු    සම තලයට
ගමනෙහි ඔබ අප           සංහිදියාවට

කුහක කමක් නැත ඇත්තේ         නිදහස
ඔබේ උරැම අප සරසමු           නිසි ලෙස
අනිසි කෙරැම් මොට මැඩලමු පෙර ලෙස
පෙලට සිටිමු අප විඳිනට             නිදහස”

හිතුවොත් මේ ලෙස හැරදා      සිත මෙත
සංහිඳියා මග අගුලු            වැටෙනු ඇත
කියනා බස් පද කරනා              වින විත
නැවත නැවත අප හැඟිය        යුතුව ඇත

අප්පා අම්මා මව් පිය               ගුණ මිස
කියයිද අන් නන් අරැතක්        කිසිලෙස
ගලනා රැධිරය ඔබ අප              සිරැලස
එකම රතක් ඇත හඟිමුද        අන් ලෙස

ඔබේ උරැම අප අපගේ       කරගෙන
අපේ උරැම ඔබ ඔබගේ       කරගෙන
වඳින්න යමු මල් කපුරැ    දෝත ගෙන
පරණ කෝන්තර පසෙක   ලුවාගෙන
 

රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 පෙබරවාරි 19 වෙනිදා,
 
නිදහස් ගූගල් ඉමෙජයක්
 

Sunday, February 17, 2013

Of Life: It's beauty and it's challenges


Shared Google Image JT

Two must watch videos for all children and Parents
Please watch both in sequence
Here is why (one of the reasons) we must change our ways ....
Save us - MidwayFilm.com
and here is what it can be for our little ones and theirs ...
Birds-of-Paradise Project Introduction


හිතන පතන මිනිසුන්ට


හරය විමසුම දනන් දිණුමට සටන් අවි වන       කාරනා
සහන් සිතුවිලි පහන් හැඟුමන් හරය සරසන      කාරනා
බැඳුණ හදකින් දෙනෝදාහක් දනන් මනලොල් කාරනා
එපා ගොලුවී ඉන්න කිසිදා දුටුව තැන වින        කාරනා

සරන විට සිත් පෙලෙන හදවත් සොයා ගිය නන් කාරනා
දෙනෙත ගොලුවී බලා උන්නද අන්ධ වූ මන      කාරනා
මිනිස්කම මැඩ අනිසි බල ගති නැගී එන නන්     කාරනා
එපා ගොලුවී ඉන්න කිසිදා දුටුව තැන වින          කාරනා
 
රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 පෙබරවාරි 17 වෙනිදා.
 
 
බෙදාගත් ගූගල් ඉමෙජයක්

 

Saturday, February 16, 2013

බල්ලට (නො) ගිය මනුස්සකම

අද ආවා නගරෙට.
අඩිසීයෙ පාර හංදියෙ ඉඳන් හම්බන්තොටට එන
හොඳට පළලට බාගෙට හදල තියෙන

ලොකු පාරෙ බල්ලො දෙන්නෙක්
හැප්පිල මැරිල උන්ගෙ කරැමෙට.

කිව්වෙ නැත්තම් හ
ොඳ මදි
පාර ල
ොකු හින්ද නෙවි
අපෙ
ඈයො ඉවක් බවක් නැතුව යන හින්ද
සත්ව කරැණාව අපෙන් ගිළිහිලා ගිහින් හින්දාද මන්ද.


අපේ කරැමෙට කාටවත් ඒකෙ ගානක්වත් නැහැ
හැමෝම පොඩි වෙට්ටුවක් දාල පහු කරල යනව

ඉස්සෙල්ලම දැක්ක බල්ලගෙ
තරමක් හොඳට තිබ්බ මෘත ශරීරය

නවත්තල පාරෙ අයිනට මං ඇදල දැම්ම.

අනික් ඈයො පොඩ්ඩක් විතර
වේගෙ අඩු කරල බලල ගියා
කවුරැවත් නැවැත්තුවෙ නැහැ.
හිතන්න ඇති මූට පිස්සුද කියල
එහෙමත් නැත්නම් බලුමස් කන
එකෙක් වෙන්න ඇතිය කියල.

කියන්න බෑනෙ අපි දැන් හිතන විදිය
තුන්සිය හැට වෙලානෙ තියෙන්නෙ.

දෙවනි බල්ලගෙ කරැමෙ තියුණුයි
කොක්කු දෙන්නෙකුයි කපුටෙකුයි
අදිනව බොකු බඩවැල් එලියට.
මං වේගෙ අඩු කරල බැලුව.
නැවැත්තුවෙ නෑ එතන
ඒක අයිනට අදින වැඩේ සංකීර්ණ හින්දා.

ඒත් හිතට හරි නෑ තාමත් හිතනව
උන් ගැන, අපි ගැන.

අපේ කරැමෙට අපි අවුරැදු තිහක් තිස්සෙ
මිනිස්සු බල්ලො බළල්ලු වගෙ
මැරෙනව දැකපු ජාතියක් වුනා.


පාරෙ මැරිල ඉන්න බල්ලො ගැන
දැන් අපට ගානක් නෑ
ඒ අපේ කරැමෙ
උන්ගෙ කරැමෙ ඉක්ම ගිහින් හින්ද.


ඒත් අපි සමහරැ නිතරම
චීනෙ බල්ලො මරන් කනවට විරැද්ධව තියෙන විරෝධතා වලට
හියුමන් හා
ඇනිමල් රියිට්ස් සටන්කාමීන් මෙහෙයවන
බල්ලන්ගෙ අයිතිවාසිකම් ස
ඳහා වන ව්‍යාපාර වලට
ෆේස් බුක් එකේ ලයික් දානවා
දාලා අපේ පාරෙ මැරිලා ඉන්න
බල්ලන්ටට සැලුට් එකක් ගහල යනව

ගිහින් හොඳ බෝධි පූජාවක් තියල
දිවිය ලෝකෙට ලකුණු දාගන්නව
ලොකු පූජා වටටියක් මගදි කඩෙන් අරන්
ජීවිත
ේ සරැවෙන්න කන්නලව්වක් කරගන්නව
ල
ොකුවයින් කාසි කොලයකුත් උඩින්ම තියල.

අපෙ මනුස්සකම බල්ලට යනව.

රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 පෙබරවාරි 15 වෙනිදා


බෙදාගත් ගූගල් ඉමෙජයක්