Sunday, June 1, 2014

සමනළයා හා ළමයා

“සමනළයෝ! සමනළයෝ
නුඔ කොහේද යන්නේ
මම යන්නේ, මම යන්නේ
මල්
පැණි බොන්නයි
මටත් ඇහැකි, මටත් ඇහැකි
නුඹත්
එක්ක පියාඔන්න
මගෙ තටුවල පාට අරන්
පියාඹන්න
ළමයෝ”


ලිව්වෙ කාව්‍ය (පොඩි) ලංකාධිකාරි
මෙය ලියන විට වයස 7 යි. හුංගම විජයබා ජාතික පාසලේ 2 ්‍රේණියේ සිසුවෙක්.

සටහන: මේ කාව් (පොඩි) ගොතපු තුන් වන පද වැල. මෙහි අවසන් පදය ඔහු කලින් ලිව්වෙ " බැහැ බැහැ මට පියාඹන්න තටු නෑ සමනළයෝ" කියල. අපි දෙන්න ගැන පොඩි සාකච්චාවක් කරා. ඉන් පස්සෙ එයා පද වැල මේ විදියට වෙනස් කලා.



No comments:

Post a Comment