Wednesday, April 23, 2014

උපකාරක පංති


දුර්වලයි මේ දරැව
පංතියේ වැඩ කොටස
මදි ඔහුට ගොඩ එන්න
මදි ඇයට වැටහෙන්න
විභාගය ජයගන්න

ඉස්කෝලෙ වෙලාවෙම
මගේ පංතියක් වෙත
එවන්නකො දරැවන්ව
සුලුවටයි ගෙවිය යුතු
නිසැක ජය සහතිකය

සතියකට එක් දිනක්
ඉස්කෝලෙ ගිහිල්ලා
පොත ලකුණු කලෝතින්
ලියන්නට විභාගය
සුදුසුකම හරියනවා

සති අන්ත වල තියන
අර සර් මේ සර්
පවත්වන පංති යන
දරැවන්ට තව හොඳය
ඒ අයත් අපේ හොඳ
කණ්ඩායමේ අයය

මං වුවත් ඉස්කෝලෙ
විෂය ගැන ගුරැවරය
එහෙ උගන්නපු කොටස
හොඳින් දරැවන් මනස
සනිටුහන් නොවුන බව
මෑණියනි පියාණනි
කනස්සල්ලෙන් කියමි

මේ ඛේදවාචකය
දිගහැරෙන පාසලෙදි
ත්‍රස්තවාදයක් ලෙස
ගිල ගනියි දරැ මනස
ප්‍රඥාව වල දමයි


විකිනෙනා විකුනනා
බුද්ධියට නිගා දෙන
ගුරැහොරැණි
සිතනු මැන යොමා සිත
ඔබ කරන කාරි ගැන
පෙර කලදි සිටි නයින්
දුරැ තුම නැමැද ගරැ
දරැ සිතද න
රිදවා
බලනු මැන කිරනු මැන
ගුණාගුණ කාරනා

ලිව්වෙ රෙන්ටන් අල්විස්


No comments:

Post a Comment