Tuesday, April 22, 2014

ජාතික පාසලක සංගීත පංතිය


සප්ත සරණිය
මධුර ස්වරයෙන්
ලකල් බෝ සේ ගයා පෙන්නූ
මෑණියනි ගුරැ ඇයිද අප හට
නොතේරැනු දෑ කියා දෙන්නට
වඩා හැඩ කොට උගන්වන්නට
හවස ඔබගේ ගෙවන පංතිය
කරා එන්නැයි කියා දුන්නේ

මං කෙසේ ගොස් එය කියන්නද

මවට දැන දැන ඇගේ කරදර
හවස මත්බර පියා එනවිට
ඇයට ගුටිබැට පහර දෙන්නට
අනේ ගුරැනේ බැරිද ඔබ හට
නොවිකුනා ඔබ උගත් ශිල්පය
මුදල මත්තේ ලඝු නොකර එය
කිලිටි නොම කර බෙදා දෙන්නට


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

නිදහස් ගූගල් ඉමෙජයක්

No comments:

Post a Comment