Sunday, April 13, 2014

අලුත් අවුරැදු ඇවිත්...

Image credit: Elakiri.lk


අවුරැද්ද අළුත්
හිරැගෙ ඔද මත නැකත්
නෙලූ අස්වනු මහත්
සතුට අරගෙන ඇවිත්

ආ මඟේ ගිය වගත්
කාරි නම් නෑ අළුත්
කිලිටි ගුණ ඇති සිතත්
අඳින වත් නම් අළුත්

ළමෝ තොස් වී සිටිත්
අසරණුන් නම් හඬත්
කැවිලි බෝ රස කරත්
යදින්නෝ බෝ වෙසෙත්

පදින ඔංචිලි ලකත්
අදින යාදිනි වෙනත්
කෙළිණ කෙළි බෝ වෙතත්
යන මඟේ සිරි නැතැත්

වැව් පිරී ගිය වගත්
බොන්ට රස පැන් නැතත්
නැණත් කව් ගී වෙතත්
බයිලා නටනව නිතිත්

අලුත් අවුරැදු ඇවිත්
අලුත් අවුරැදු ඇවිත්
තුටින් රඟනව අපත්
ගින්න නගිනව ලිපෙත්

යන්න ආ මග වෙනත්
ලොවක් හඬවන නදත්
අලුත් ලොවකට ගියත්
මියුරැ වීනා බිඳිත්
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
2014 බක් මාසෙ.


No comments:

Post a Comment