Wednesday, March 18, 2015

පලා ගිය ක්‍රීඩාව

හැඟුම් හා රැඟුම් පෑ හුලං ගිය ක්‍රීඩාව
රැවැත්තිය මුවැත්තිය මවා පෑ ක්‍රීඩාව
මලින් පිරි ඵලින් හිඟ කාචයේ ක්‍රීඩාව
ඇත්ත මත බියෙන් වැද පලා යන ක්‍රීඩාව

අනුන් දෑ අරැත් කර බෙදා දෙන ක්‍රීඩාව
දනන් මන මුලා කල හපන් කම් ක්‍රීඩාව
තමන් හිමි මුලාවෙන් වෙලාලන ක්‍රීඩාව
රහස් මත මිනිස් ගුණ හලා ගිය ක්‍රීඩාව

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

No comments:

Post a Comment