Wednesday, March 11, 2015

සත්‍ය-ආගාරය


මමත්වය බොරැ මුහුණු පළඳින
ලොවක අසිරිය දැන හැඳින ගෙන
ඉන් මිදෙන්නට බැඳුනු දම්වැල්
කඩා බිඳිමින් අලස වුනු මා
තෙරක් පෙනුනත් අපහැදිලි ඉම
දකින රන්වන් හුයක් සේ දිලි
ඉන්ද්‍රචාපය සොයා යන්නට
ගමන ඇරැඹුම ලකුණ සළකුණ
පංච කෙළියට කවඩි සොලවන
පොල්කට්ට මත ලියවිලා ඇත.

එදා දුටු එම දසුන් අබියස
අසරණව සිටි මගේ මනසට
ඈත සයුරක රළ පතර මැද
බිඳුනු කොල්ලෑ කඳක එල්ලී
තෙරට එනු රිසි දරන වෙර ඔබ
කුරිරැ කතරක කෙම්බිමක් මැද
නිවස තනනට රෑං නද දී
කුඹල් මැස්සකු දරන තැත ලෙස
මුවඟ රැඳවූ මැටිගුලිය ගෙන
රැවට හැඩ කොට අනා දී ඇත.

 ලිව්වෙ රෙන්ටන් ද අල්විස්



No comments:

Post a Comment