Sunday, May 25, 2014

පන්සලේ ලොකු හාමුදුරැවන්ට...



පස් විසි වසක්
මහණ දම් පිරෑ ඔබ
බුදුන් දෙසු දම් සුතුරැ
අගයන ගම් දනන් හට
උපන්දා සිට මියෑදෙන තෙක්
සෑම මඟුලෙදි, සෑම උලෙලදි
සිටිනු දුටුවෙමි සමිඳ.

කුහුඹුවකු සේ කඩිසරව
සිතූ දේ, සිතූ සේ, කරන, කරවන ඔබ
කුඩාවුන් හඬනා හඬින් අරණ පිරෙනා සඳ
බුදු පුතුන් නායකව, අසරණ සරන වන්නට
අනුන් යොමු කරන ලෙද කරන කාරණ
බොහෝ විට, බොහෝ තැන
සිදු කෙරෙනු දුටිමි මම.

බුදුන් මෙන් අල්පේජිතව
දෙසූ දම් පිළිවෙත් පෙලින්
බවුන් දම් වඩවා, චතුර්විධ වූ
සත්‍ය දම් මඟ, යොමා කුළුණු සිත
සරා යන්නට ඉදිරි ගමනට
ලැබේවා දිරි, ලැබේවා වෙර
පතමි මම සමිඳ අද දින!


ලිව්වෙ රෙන්ටන් අල්විස්

No comments:

Post a Comment