Thursday, May 15, 2014

හදිසියේ වියෝවුන පියාට


තාත්තෙ!
එපා මට වයලිනය,
ගෙනත් දෙනවයි කියපු
ඇස් ඇරල බලන්නකො
ඔබේ ලොකු දූ දිහා...

නිසොල්මන් ඔබ දෑස වෙසක් සඳ    දකීවිද
අම්මාගෙ විලාපය ඔබ සවන       ගැටේවිද
නංගියා එක්ක මං මඟ බලන්      සිටින්නද
කවිය මා රස කලොත් ඔබ නැවත එනවාද

සංගීත පංතියට කැටුව මා ගිය            එදා
සිතැඟි ඔබ ඉටුවන්න හදාරන්නමි   සොඳා
වයලීන තත් බිඳෙන  හඬ සමග මා   මෙදා
ඔබ තුරැල පතන්නෙමි    පියාණනි මා සදා

ඔබ හදේ මෙලෙක මිස තද බවක්   තිබුනාද
අපට හිමි ආදරය ඉන් කෙලෙස        මිදුනාද
සප්ත ස්වර කලැතුමට ඔබේ හද    පණ වේද
වයමි මම, ගයමි මම, හඟිනු මැන     ඒ නාද

ගමන මග විරාමය අප කෙලෙස      දරන්නද
චිතක ගිණි බුරා එන ඔබ සිරැර        දවන්නද
සිසිල දෙන ගායනා මං නැවත        ගයන්නද
පියාණනි, අසනු මැන දෙව්ලොවේ අසිරි  විඳ


සත්‍ය සිදුවීමක් අැසුරෙන් ලිව්වෙ රෙන්ටන් අල්විස්







No comments:

Post a Comment