Monday, July 6, 2015

ඇවිත් යනවද?

උදේ වරැවක
ඇවිත් යනවද
අපේ සැප දුක
බලාගන්නට
මියෑදුන පසු
විත් පලක් නැහැ
දන්නෙ නැහැනෙව
ආව ගිය වග

එන ගමන මග
නැවතුනොත් හෙම
හොඳ පොතක්
ගෙන රැගෙන එනවද
තාම පේනව හොඳට ඇස් දෙක 
රිසිව විඳිනව අරැම හිතුවිලි
මවා හඟිනව කවියෙ අරැමය
හිතින් මහදුර ගමන් යනවිට

සිහින ලොව තව ඈත දුර බව
හිතේ නිතරම ඇඳීලා ඇත
පය ගහන මේ පොලෝ තල මත
ගහන කරනම් ලියවිලා නැත
නෙලා ගන්නට අහස උස නැත
හදා ගන්නට පොලොව තර නැත
බෙදා ගන්නට ආදරය ඇත
යන මගට ඔබ රැගෙන යන්නට.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

No comments:

Post a Comment