Thursday, December 4, 2014

මනුස්සකම

කෝඩ සුළඟකට අහුවෙච්ච
පොඩි එකාගෙ සරැංගලේ වාගෙ
බිඳිලා ඉරිලා නන්නත්තාරෙ ගිය
අනික් සුන් බුන් එක්ක
හඹා ගෙන ගිහින්
ගහක් ඉස්මත්තෙ
අත්තක පැටලිලා
දැන් මඳ සුළගෙ වැනි වැනී
අසරණව බලාන ඉන්නව.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

A shared Google image


No comments:

Post a Comment