Wednesday, February 19, 2014

දෙන්න අවසර

ඇතුල උරගා බලනු රිසි මට
පිටත ඉව කර මැන බලන්නට
දෙන්න අවසර, දෙන්න අවසර
සහන් මනසක රහ විඳින්නට

නිවුන හිත තුල සරණ හිතුවිලි
පොදි බැඳන් ආ බරට බර පොදි
හලාලන්නට දෙන්න අවසර
සරා නුඹ ගැබ පාව යන්නට

මියෑදුන පත් සුළඟ අබියස
සැලි සැලී බිම වැතිර වන් ලෙද
මටද අවසර, මටද අවසර
මනස් විල පැන් රහ බලන්නට


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්






No comments:

Post a Comment