Tuesday, December 31, 2013

අසිරිමත් දැයක් හඟිනා දරැවනට දිවි නැගුමට, නව වසරට පැතුමක්...


විසල් මහල් යානවාන
කැලේ කැපෙන මහ වැඩ ගොඩ
අලි ඇතුන්ට මියෑදෙන්න
විදුලි රැහැන් පණ ගැනිලා

සෙරන්ඩිබ්ය කියා ලිව්ව
මුතු ඇටයක හැඩය අරන්
මගෙ ලක්බිම පුරාණයේ
අසිරිය මුලු ලොවක් දුටුව

මනුස්සකම මියෑදිච්ච
යහපත් කම පෑලදොරට
විකුනාගෙන කා බී සුඛ
විහරනයෙන් මුලා වෙච්ච

ඉතිරිය නොව වියදම සොඳ
නාස්තියට ඉනිමං බැඳ
සොබා සිරිය උකසට දී
බයිලා නටන දැයක්ද අප

වෙදදුරැවරැ විකුනනවා
ගුරැ සඟ ඝන විකිනෙනවා
මත් උවදුර දලු ලාගෙන
යොවුන් සිහින බිලි අරගෙන

බීමත ගෙන ගෙදරට එන

පියාණනේ කරනා වින
සමගිය බිඳ කුඩාවුන්ගෙ
ඉගෙනුම අනතුරේ හෙලන

කුඩා එවුන් ගෙදර දමා
රන් කහවනු සොයනා මඟ
වැටෙනා නොරටුන්ගෙ රටක
උකසට දෙන මව් සෙනෙහස

අනේ! පුතේ
, අනේ! දුවේ
මනස විවර කර බලන්න
විචාරයෙන් ලොව මනින්න
අඳුර බිඳින එළිය වන්න

මහන්සිවී කටයුතු කර
මනුස්සකම සිරස දරා
ඔබ හැදිලා යසට රහට
රටත්, දැයත් සදා ලන්න!
දැයේ මහිම බෙදා ලන්න!
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
2013, දෙසැම්බර 31 වනදා

No comments:

Post a Comment