Tuesday, May 19, 2015

රට ගිය මාමා


ආවට ගියාට කරන්නෙ කොහොමද
සොයාල බලාල කිරාල බැලුවද
පිටත පොත්ත යස රඟේට තිබුනට
ඇතුලත හොඳහැටි ලකේට තිබුනද?

දෝණිගෙ පෙළ වහ අගේට කෙරැනද
මාමගෙ කාරිය වෙනකෙක් කෙරැවද
දුරැ රට කතරක තනියම හිටියට
හිතෙන් ඔහේ මං උන් බව දැනුනද?

හිටියට නොහිටිය ගානට උන්නට
ඉඳල හිටල 
මං තැපෑල එව්වට
කරනා කාරිය හරිහැටි කරගෙන
එනවා ළඟදිම උඹලගෙ තුරැලට

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

No comments:

Post a Comment