Friday, April 10, 2015

පිදුම

දුටුවද පෙරදා පායපු පුන්සඳ
ඇහුනද තත්සර බිඳිනා සෝ ගී
දැනුනද හීතල වැහි බිඳු හිම කැට
මතකද හදවත බිඳ ගිය කිනිහිර

ආ මග ගිය මග සටහන් කෙරැවද
යා යුතු යන මග නැකතෙන් පෙනුනද
සුල මුල වන්හුන් හොයලා බැලුවද
යායක අස්වනු හනිකට නෙළුවද

යනවද එනවද දසුනක දුටුවද
ගයනා ගීයේ සර බිඳ ආවද
හීතල හදවත උනුහුම් කෙරැවද
කිනිහිර මානය දවාන යනවද

බලමුද සරමින් මනසින් විනිවිද
විඳිමුද හරසර සිනහව මුවසර
හලමුද වස් දොස් වඩදිය ගෙන එන
පතමුද ආසිරි මිහිකත සරසන

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්


No comments:

Post a Comment