බුධ්ධං සරණේ සිරස දරාගෙන
ධම්මං සරණේ සිත පහදාගෙන
යන්න ඕන මග නිවන සදාලන
සරන ගමන් සිත ගිමන් නිවාගෙන
වඳින්න යන මේ නඟාට සුමන සමන් දෙවි පිහිටයි
වැඳල බහින මේ මල්ලිට සංඟන් සරණේ සරණයි
නල්ලතන්නියේ ඉදලම හෙලේ නැඟල හරි වෙහෙසයි
ගතට වඩා හිතේ හයිය දැඩි හන්දා සැනසීමයි
බුදුන් වැඩිය මේ අඩවියෙ සමන් දෙවිඳු කරැණාවයි
සීත සුළඟ සැදෑ සිතට සිසිලස දෙන වරැණාවයි
සීත ගඟුල බැස යන මග පර සිපයන සිරියාවයි
ඉඳිකටුපානෙදි අමුණපු නූල්බෝල පැටලීයයි
ජීවිතයේ සුවඳ මිසක තිබිය හැකිද අන් සුවඳක්
වඳින්න යන වැඳල බහින සැම සත සිත කරැණාවක්
ගත වෙර නැති සිත වෙර ඇති අම්මේ ඔබ දරන වෙරක්
සිරිපතුලේ ආනුභාව වන්නෙද ඔබ ගතට මෙරක්
හෙලේ නැග්ග ඩෝං පුතා අග්ගල කෑවයි
රැගෙන ආව පොලිතින් මලු මග සැරසුවයි
අබුද්දස්ස වූන කාලෙක ලබුත් තිත්ත වූවයි
අම්මේ උන් සින්දු කියල දඬුමයුරන් එව්වයි
කැලේ තියෙන හැම දේ දැන් රස වේවා
දෝංකාර සැඩ හඬ මට නෑසේවා
බුදුන් දෙසූ දම් සිසිලස හැඩවේවා
සමන් වනේ වින කාරණ දුරැවේවා
රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 නවම් පොහෝදා .
No comments:
Post a Comment