Friday, February 1, 2013

පුංචි කාලෙ ...

ඔන්න එකෝමත් එක රටක
කියල කතා කිව්ව ආච්චි
හබුන් කටයි බත් දෙකටයි
කියල බත් කැව්ව අම්මා
දෙනව හොඳවයින් දෙකක්
කියල පාඩම් කෙරෙව්ව තාත්ත
කොයි වෙලේද ගෙයින් පැනල
සෙල්ලම් කරන්න යන්නෙ
කියල හිතා හිටිය මං

සෙල්ලම් බතට හාල් මිටක්
හොරෙන් ගත්ත මං
ආච්චිගේ ඔලුවෙ හිටපු
උකුනො ගත්ත මං
තාත්තගේ සාක්කුවෙන්
කාසි ගත්ත මං
එහෙම වෙච්ච පුංචි කාලෙ
මතක් වුනා දැන්
 
රෙන්ටන් ද අල්විස් පබැඳුමක්
2013 පෙබරවාරි 01 වැනිදා උදේ
 
A free Google image
 
 

No comments:

Post a Comment