Monday, June 6, 2016

Sri Lanka - A Tourism Earth Lung

Thought I would remind the decision makers in tourism that there was an attempt made in 2007, to conserve our natural resources through tourism to make Sri Lanka a carbon neutral destination.... We could have saved so much of the lost resources if we only had the foresight to understand that this was the way.... and it was before the war ended. Thank you Alston Koch for the honorary contribution you made....

Use the link to watch the song video :


https://www.youtube.com/watch?v=mmanmW0gaMM





Pic One : The Logo of Tourism Earth Lung Programme  Pic Two: Alston Koch singing the song at the World Travel Market in 2008 in London , Pic Three: World recognition when invited to make a special presentation during the World Tourism Day in 2009 in Lima Peru by the World Tourism Organisation.

Wednesday, June 1, 2016

Educational Reforms et el?

රජය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මේ දිනවල කතා තරනව. සාමාන්‍ය පෙළ විභාගය කඩඉම් විභාගයක් නොකර වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපනයක් දෙන එක හොඳ යෝජනාවක්. ඒත් එය , විරැකියාව පිළිබඳ ප්‍රශ්ණය කල් දමන්න කරන දෙයක් නොවනු ඇතැයි අප හඟිමු. විය යුත්තේ පැසුණු මනසක් හා කුසලතා හා දැනුමින් පරිපුන් දරැවකු උසස් අධ්‍යාපනය සඳහා යොමු කිරීමය.

ප්‍රායෝගිකව දරැවන් අද ලබන අධ්‍යාපනය, ඔවුන් හුදු විභාග සමත් වීම කරා පමණක් යොමු කරන, විෂය දැනුම, සාමාන්‍ය දැනුම ලබා ගැනීම හා යහ ගුණ හා කණ්ඩායම් හැඟීම් වර්ධණය සඳහා අවශ්‍ය වන ලෙස සැකසී නොමැත.

පස්වන වසර ශිෂ්‍යත්ව විභාගය හා අපොස සාමාන්‍ය/ උසස් පෙළ හා බැඳුනු මහා පරිමාණ ටියුෂන් ව්‍යාපාරය, පාසල්වල බොහෝ ගුරැවරැන් ගේ සදාචාරය හා හර වටිනාකම් ගිල ගෙන ඇත.

පළමුව විය යුත්තේ, ශිෂ්‍යත්ව විභාගය අහෝසි කොට, කලකට පෙර මෙන්, පාසල් වල නිර්දේශය මත දක්ෂ එහෙත් ආර්ථික දුශ්කරතා ඇති දරැවන් හට, ශිෂ්‍යත්ව ලබා දීමේ ක්‍රම වේදයක් ඇති කිරීමය. මෙය දරැවන්ගේ ගිලිහී යන ළමා කාලය ඔවුනට නැවත ලබා දීමත් හා ඔවුන් හට පිරිපුන් ජීවන කුසලතා ලබා දීමට තබනා පියවරක් වනු ඇත. දෙවනුව යෝජිත අපොස සාමාන්‍ය පෙළ විභාගය කඩ ඉම් විභාගයක් නොකිරීම විය යුතුය. 

මේ සියල්‍ල හා සමග පාසල් වල   ගුරැවරැන් (සමහර ගුරැහොරැ) හා දරැවන්ගේ විනය හා බැඳුනු අධ්‍යාපනික හා බාහිර ක්‍රියාකාර කම් මනාව පරිපාලනය කිරීම සිදුවිය යුතුය. 

විය යුත්තේ, දරැවන් තරඟකාරීත්වය කරා යොමු කරවීම වෙනුවට, එකට එක්ව සාමූහිකව වැඩ කිරීම කෙරෙහි යොමු කරවීමය. 


මෙය දරැවන්ගේ මනා වර්ධණය මෙන්ම, අනාගත ජාතික සංහිඳියාව ඇති කිරීමටද පිටිවහලක් වනු ඇත.