Thursday, February 14, 2013

අහසෙ නිල නැත


ඊයෙ ඉඳලම ආයෙ වහිනව නවම් සඳ  ඉන්          ගොලු වුනා
උදය අහසේ නිල්ල අරගෙන සොරෙකු සේ හිරැ       සැඟවුනා
උන්ගෙ ලෝකයෙ රඟ බලන්නට නෙලුම මහනෙල බය වුනා
පොකුණ අබියස මහලු මැඩියකු හිරැට           යාදින්නට වුනා

සරන විට සරැ සුදක් පෙන්වන කන කොකා අද නැතිද  ආවේ
සේවයට හිරැ තපින වහලේ තලගොයා තව නැතිද        ආවේ
සරා සරනා වල් පරවි කැල නැතිද අද තව තවම           ආවේ
ගොහින් එන්නකො වෙනත් දවසක වැහි වළාවේ ඇයිද ආවේ

රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 පෙබරවාරි 14 වෙනිදා උදයෙ.
 
මගෙ වැඩක්

 

No comments:

Post a Comment