Free Google image
වුනා බර ලක්මවට අදිරජුන් වින කෙරැව
ගෙන ගියා උන් දෙසට සපිරි සම්පත් පිරැව
අරා අවි අමෝරා පැමිණ අප සිත් පෙලුව
කළා වින කාලයක් අමුතු විරිතින් සැදුව
භාරතේ විරැවනට පින් දීම ඇවැසිමය
උන්ගෙ ලේ මතින් අප නිදහසක් දිනුසේය
වැඩිමනක් වෑයමක් දැරිය යුතු නොම වීය
ඒ නයින් නිදහසේ අසිරියද මඳ වීය
මඳවුනත් අසිරිමත නිදහසකි එය ලැබුන
ගැත්තන්ව සිටි කලෙක අසරණව සිටි හෙයින
නිළමෙලා අදිකැරැම් උනුනනට වින කෙරැන
ලක් මවට කඳුලු මිස සිනහවක් නොම ලැබින
සූසැටක් වසර ගෙවි නිදහසේ රඟ සොබා
දස දෙසම හඬ ඇසෙයි සැමරැමේ නැත ලොබා
ඉන් වසර තිහකටත් පමණ වින සැර ලබා
දැන් මෙන්න සාමයට ඉඩක් විවරයි සොබා
ලැබුන නිදහස අපට සැබෑවට දැනුනාද
රකින්නට එහි අරැම තව අපට හැකි වීද
හෙට දවස නිවහල්ව සැමරීම අදිටනද
ලක් මවගෙ දරැවනේ සමගි වෙමු මවා ඔද
එන්න ගන්නකො අතක් අන් අයට සරණ වන
යන්න දකුණින් තෙරට උතුරැ දෙස පහන් වන
නැගෙන හිරැ බසින තුරැ නිවහල්ව සරසවන
දෙන්න ඉඩ නිදහසට යහ දමින් සමගි වන
රෙන්ටන් ද අල්විස් ලිව්වෙ
2013 පෙබරවාරි 03 වනදා උදේ
2013 පෙබරවාරි 03 වනදා උදේ
No comments:
Post a Comment