Sunday, May 5, 2013

පියුමක ගෙඹි බිජු

 
 
 
 
 
පුන් පෝයදා සඳේ අරැමෙද
රතට පිපි ඒ පියුමෙ වරදද
දරා ගත හැකි නොවුන ගැබ් බර
පිපුණ පියුමට බරක් වූයේ

සලෙලු හිමි මැඩි බවේ උන්නද
පියුම විකසිත උරණ වූවද
සඳුද හිරැ මුව සිප ගනීවිය
සිතුන හින්දද වරද වූයේ
රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 මැයි 5 වනදා


1 comment: