අසා ඇත්තෙමි දහසකුත් ගී ඔබේ ගුණ වැණු ගායනා
නෙත් ගැටී ඇත සොඳුරැ සිතුවම් ඔබේ රැව මත පායනා
සරා දැක්කෙමි ලොවක විස්කම් මවුණි පින්ගෙන යාවනා
සෙනෙහෙ උතුරන ඔබේ මතකය මෙනෙහි කරනෙමි භාවනා
දිනක් නොව ඔබ සුවහසක් කප් මගේ මව් බව සාරනා
සියලු දුක් දිනු ඔබේ සෙනෙහස පියුම විකසිත නාවනා
බවතෙරේ ඉම කොතැන උන්නත් නිවන් ලබනට කාරනා
එදා ඔබ දුන් උනුහුමේ සුව විඳිමි මා නිති වාසනා
රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 මැයි 12 වනදා
නිදහස් ගූගල් ඉමෙයක් |
No comments:
Post a Comment