Thursday, September 5, 2013

කුඹල් වාරම



රෑන් ගාලා පියයෑඹුවා
යට ලීයට ආල බැඳන්
ගේ හදන්න යහි යහියට
වැහි කාලෙට බිජු දාන්න
පොඩි පවුලක් හදාගන්න

හොඳට අනල රෝල් කරල
බිම් මැටි ගුලි යසට හදල
එකින් එකට ගෙනත් තියල
බිත්ති බැඳල කපරාරැව
හොඳට මැදල බිජු වපුරල

ලොකු දොරකඩ කුඩා කරල
පුංචි සිදුර ඉතිරි කරල
පුංචි උන්ට හිරිහැර නැති
පුංචි ගෙයක් හදා දීල
රෑන් ගාලා කනට කියල
ඉගුලුනාද කුඹලෝ ...


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්



Google image shared

No comments:

Post a Comment