Friday, September 27, 2013

ඔබට ගීයක්


සිහින ලොවට පාව  එන්න
තරැ කැට මත හිඳ නටන්න
නෑසුන හඬ හැඩ   දකින්න
අහිමි ලොවක්   දිනාගන්න

මතක පොතේ කවි කියන්න
මියුරැ ගීත රස          විඳින්න
සමනළ සුරඟුන්      දකින්න
ඔබේ ලොවේ රජ   කරන්න

අත්වැල බිඳ ගමන්    යන්න
වැටුන සැණින් නැගී ඉන්න
රිදුනොත් හඬගා    හඬන්න
ආදරයට ඉඩක්       දෙන්න

වාරැ නැතත් කෙලින් ඉන්න
දිය මත හිඳ පාව        යන්න
දියකිඳුරන් හා         රඟන්න
ජල කඳ සිඳ ලොව  දිනන්න

හිමි ලොව මත පා  නගන්න
අහිමි ලොවට පෙම් වඩන්න
සරණ ලබා එය       දිනන්න
ඔබේ ලොවට මල් පිපෙන්න


අප සමාජයේ, ආබාධ සහිතව ආදරය, කරැණාව හා උපකාරයට වඩා, අනුකම්පාව වැඩි වශයෙන් ලබමින් වැඩෙනා විශේෂ දරැවන්ට පිදෙන උපහාරයකි.

 
ලිව්වෙ රෙන්ටන් අල්විස්







No comments:

Post a Comment