My outlet to share with you that what touches me deeply... මා සිත පිනවන සිතුම් මිතුරන් හා සමඟ බෙදාහදා ගෙන විඳීන්නට මා දරන අහිංසක වෑයමක් ...
Wednesday, September 11, 2013
හරයට වාරැවක්
කනයෙක් නැති වලට ලූලෙක් ආවාලූ
පදයක් නැති හඬට නැටුමක් නැටුවාලූ
වරමක් නැති තැනට සැරයක් වැදුනාලූ
හරයක් නැති දෙයක රසයක් දුටුවාලූ
කන්දෙන් එහා මිටියාවත පෙනෙද්දෙන්
ලන්දෙන් එහා සරැ හේනක් තිබිද්දෙන්
ගඟුලින් එහා සමනොළ ගිර දිලෙද්දෙන්
වැඩකට ඇතොත් නම් එය මට ඇසෙද්දෙන්
කන්ද කපන් හිරැ පායා නැගුනාලූ
හෙනයක් සේම සමුදුර රළ බිඳුනාලූ
පරැවත බිඳන් අකුණක සැර වැදුනාලූ
උස් මිටි ලෙසට දියපාරත් ගැලුවාලූ
අණට අනුව ලොකු වැඩ ගොඩ කෙරෙද්දෙන්
බණට අනුව නිවනට මඟ ඇරෙද්දෙන්
පුංචි පුංචි මල් සරැවට පිපිද්දෙන්
දිය බිඳු එක්ව මහ සයුරක් හැදෙද්දෙන්
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment