Sunday, September 29, 2013

මුලාව

නන්නත්තාරේ ගිය සිතක්
ජීවත් කරවන්නට තවත් ජීවිත
නිවනු වස් දැවුන සිත් තැවුල්
මල් පල ගන්වන්නට වැඩුනු සිහින
අඳුරැ පට පලා දකිනා නියායෙන්
නැණැස වන් උපැස් යුවලක් පැළඳ
ලොවම සිසාරා සරා බලන්නට
යොමා සිත නොපැරදී දිනන්නට
පෙර කලෙක සිට අරඇන්දාය.
මෙපිට කණපිට පෙරලලා බැලුවාය.
බලා හොඳ යසට එල්ලයක් ගෙන
ගිලන් වූ සිතකට වැරෙන් සුසිනිඳූ

පා පහරක් දුන්නාය.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
 
නිදහස් ගූගල් ඉමෙජයක්
 

No comments:

Post a Comment