රැඟුමින් මියුරැ
දැවන බිඳ නොගත් ඔබ
මුචලින්ද නාගයන්
දරණින්ද සෙවන ලැබ
මොරගහන වරැසාව
ඉවසවා වදාළා
දහම් සුවඳින් සතන්
සිත් නෙතුද අවදි කල
බුදු සමිඳූණි ඔබ
මෙනෙහි කල දහම් රස
සෙවන දුන් බෝ රැකට
අනිමිස ලෝචනයෙන්
කළෙහිගුණ වැඩූයේ
එ පාමුල්හීම වැඩ
දම්සක් සුතුරින්
සතන් මන පෑදුවේ ...
මෙදා ඔබ මෙවන් ලෙස
කොන්ක්‍රීට් කුටිය තුල
පන්සලෙන් මහ පාර
දෙසට ඔබ නෙත් යොමා
විදුලි බුබුළින් දෙවන
සවනක් වු එළි දැලෙන්
හාස්කම් කතාවෙන්
දෙවියන්ද පිරිවරා
මහ පිරිත කවි බණද
කැසට් පට හඬ කවා
ඈත හිස් අවකාසෙ
පිරෙනකන් පතුරවා
පිං කැටය පුරවන්න
හරය බිඳ නරැම වුනු
පුහුබුවන් පිනවන්න
හෙමද මගෙ සමිඳුනේ
මෙයද මගෙ සමිඳුනේ
කලියුගයෙ ඔබ දකින
අද දවසෙ අප හඟින
ඔබ දෙසූ දම් සුවඳ !
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
No comments:
Post a Comment