Tuesday, December 25, 2012

මවකගේ ගීය ...

සොඳුරැ බස් තෙපලන්න
ගී ගයා සනසන්න
මුඳු සිනා වපසරිය
පුරා සිත වපුරන්න

දුවේ ඔබ සනසන්න
මා ගයන ගායනා
අසා ඔබ සැනසෙන්න
ඇහෙන්නේ නැති වුවත්
දොඩන්නට බැරි වුනත්
මගේ සඳ ඔබ වේය
ඔබේ හිරැ මා වේය

සසන් බස ඔබ පිනන
අන් අයට නෑසේය
මගේ දුව සිඟිත්තේ
ලොව කුරිරැ වූ සේය

ආදරය, කරැණාව
පෑළ දොර නැවතීය

මතු බවෙත් මා ඔබේ
මව් පදවි පතා එමි
ඒ දවස දුවේ උ
අම්මාය කියාපන්!

තාවුල්ල දෝර ගිය
දියකඩක හඬ සේම
කෑ ගසා කියාපන්!

නෑ දුවේ එපා හෙම
සුමුඳු සියුමැලි වදන්
තාලයට ගයාපන්!
 
ද්විභාෂක කවි - Bilingual Verse 2
 
(2012 නත්තල් දින විශෂ අවශ්‍යතා ති දැරියක මවකගේ දිරිය සැමරැම් වස් ලියූ පද වැලක්. මෙවන් ඉංග්‍රිසියෙන් ලියු පදවැලක් පහත ලියා අැත. පටුනින් පිවිසිය හැක.)
 
ගුගල් ඉමෙජ් සරණියෙන්
 

2 comments:

  1. අපූරුයි. ඉතාම සංවේදීයි. - රවී පලිහවඩන

    ReplyDelete
  2. මහත් පින්, මහලු පද ගොතන්නකු දිරිමත් කළාට ...

    ReplyDelete