සුනිල් ආරියරත්නයන් ලියා, නන්දා මාලිනිය ගැයූ, “පූජාසනයේ ඹබ හිඳුවා” ගීය ගැයනවා ඇසූ සඳ, මා එයට ගැයූ ප්රතිචාරයයි මේ ...
රෙන්ටන් ද අල්විස්ගෙ පබැඳුමක්
රෙන්ටන් ද අල්විස්ගෙ පබැඳුමක්
සබඳ,
එපා කිසිවිට, දරා ඉන්නට
කිරැළ හිස මත, සිහසුනේ හිඳ
වැතිර නිදනා පැදුර
උස නැත, ඉන් වැටෙන්නට
කිසි ඉඩත් නැත.
එපා කිසිවිට, දරා ඉන්නට
කිරැළ හිස මත, සිහසුනේ හිඳ
වැතිර නිදනා පැදුර
උස නැත, ඉන් වැටෙන්නට
කිසි ඉඩත් නැත.
කුමන ඉසුරක්, කුමන සැපයක්
ලබා ඹබ, රජ වෙලා සිටියද
හරිද, වැරදිද, කරන කාරන
සොයා, විමසා බැලිය යුතු ඇත.
ලබා ඹබ, රජ වෙලා සිටියද
හරිද, වැරදිද, කරන කාරන
සොයා, විමසා බැලිය යුතු ඇත.
කුමරි, කුමරැන් ඹබේ අබියස
අකුරැ කරනා සඳකි, දැක්මකි
ඒ ලොවේ රජ වීම යහතකි
මේ ලොවේ පව් සේදිලා යති.
අකුරැ කරනා සඳකි, දැක්මකි
ඒ ලොවේ රජ වීම යහතකි
මේ ලොවේ පව් සේදිලා යති.
සළඹ පා බැඳි, සලන කුමරිය
එපා කිසිවිට රජ කරන්නට
පවිටු, දුදනන් සිටින ලෝකෙක
රජ වෙලා වන සෙතක් නම් නැත.
එපා කිසිවිට රජ කරන්නට
පවිටු, දුදනන් සිටින ලෝකෙක
රජ වෙලා වන සෙතක් නම් නැත.
සබඳ, ඹබ ලොව සරන මා වන්
පුහුඹුවන් මහ පිනක් කර ඇත.
වැතිර නිදනා පැදුර
උස නැත, ඉන් වැටෙන්නට
කිසි ඉඩත් නැත.
පුහුඹුවන් මහ පිනක් කර ඇත.
වැතිර නිදනා පැදුර
උස නැත, ඉන් වැටෙන්නට
කිසි ඉඩත් නැත.
පැදුර, පූජාසනය, නැවත පැදුර ... අසඩක්. |
No comments:
Post a Comment