ලෝක තුනක් මොන එහෙකටද?
ඔක්කොම මනුස්සකම මෙහෙයවල, හොඳ
අගේට එකක් හැදුවම මොකෝ?
"මනුස්සකම නැති දේශපාලනය
පරිප්පු නැති හෝටලයක් වගෙ"
නැත්නම් "ආදරය නැති ජීවිතය වගෙ"ය
කියල, ඊයෙ මොකක්දෝ වෙන දෙයක් ගැන හිතන කොට හිතිලා, ලියල, FB එකෙන් සයිබර් අවකාශයට දැම්මට, ඒක කවුරැවත් තුට්ටුවටකටවත් ගනන් ගත්තෙ නැහැ.
ඒ, මනුස්ස කම, අපේ දේශපාලනේ දෝර ගලාගෙන ඉතිරෙන හින්දා වෙන්න ඇතිය කියලත් මට හිතුන. ඒත් නැත්තම්, හැමෝටම තේරෙන්න, සරල වූ ව්‍යන්ගයක් එක්ක ලියන, කියන දේවල්, අපේ සංකීර්ණ වෙලා තියෙන ඔලුගෙඩි වලට කරන මදි පුංචි කමක්, වගෙ හිතුන හින්දාදෝ කියලත් හිතුන.
ඒත් එක්කම මා දැක්ක, මගෙ වෙන රටක ඉන්න, බිස්නස් ගැන මහා පරිමාන වැඩ මුලු පවත්වන මගෙ මිතුරෙක්, ඒ වැඩමුලුවකට සහභාගි වුනු යෟවනයන් පිරිසක් සමග ගත්ත ඡායාරෑපයකට දීලා තිබුන ශීර්ෂ පාඨය. "Future leaders of the corporate world". ඒකිව්වෙ "ව්‍යාපාරික ලෝකයේ අනාගත නායකයො" කියන එක. ඒකට මම පුතිචාර (comment) විදියට ලිව්ව " ඒ මොන ලෝකෙද?” කියල. ඉංගිරීසියෙන් ලිව්වෙ "what then is this world?". එයා ඒකට ප්‍රතිචාර විදියට ලයික් එකක් දාලා තිබුන. මට හිත හදාගෙන ඉන්න කියලද කොහෙද.
මගෙ ජීවිතෙන් බාගයක් විතර මාත් ඔය කියන ලෝකෙ කරක් ගහල විඩාවට පත් වුන හින්දත්, එතකොටත් මේ වගෙ ප්‍රශ්ණ අහල අමනාප ඇති කර ගත්ත හින්දත්, මේ වගෙ දෙයින් නිතර හිත වෙහෙස කරවන හින්දත්, මට හිතුන, මෙන්න මෙතන නේද, අපේ ප්‍රශ්ණ බොහෝමයකටම උත්තර තියෙන්නෙ නේද කියලා.
ඔය අපි හදාරලා තියෙන, හදාරන දේශපාලනික-ආර්ථික න්‍යාය, සංකල්ප මොනව උනත්, මට හිතුන අපේ මනුස්සකම අපෙන් ගිලිහිලා ගිහින් අපි අමුතුම ලෝකවලට ගියෙ, "ව්‍යාපාරික ලෝකය" කියලා, අපේ මේ 'එකම ලොවක්, එකම රටක්' කියල සින්දු කියන, ගී ගයන, ලොකුවට බෝලයක් වගෙ තියන, පෘතුවි ලෝකෙ ඇතුලෙ තවත් ලෝකයක් මවා ගත්ත හින්දා නේද කියලා.
දැන් දැන් තුන් වෙනි ලෝකෙකුත් හැදෙනව පේනව, "දේශපාලන ලෝකය" කියලා. මේව අපි නොදන්න අමුතු ලෝක වෙන්නෙ, ඒවගෙ වැඩ සොබා දම් මවගෙ ධර්මතාවන්ටවත්, අප දන්න, අදහන බුදුන් වහන්සෙගෙ, ක්‍රිස්තු තුමන්ගෙ, නබි නායකයන්ගෙ, ක්‍රිෂ්ණාවන්ගෙ දහමවලට වඩා වෙනස් ධර්මතාවයන්ගෙන් පෝෂණය වෙන හින්ද. ඒවයෙ අමුතු නීති රීති. හදලා තියෙන්නෙ බල්ලො මරලා හරි වැඩ කරගන්න ඇහැක් වෙන්න. චීන වහරෙ ව්‍යාපාර අතරෙ තියන එකා මරා ගෙන අනිකා නැගී එන තරඟය ගැන කියන්නෙ “Dog eat dog” කියල.
'ව්‍යාපාරික ලෝකෙ' ඇත්තො, දුගී බව, බඩගින්න, හිසට වහලක් නැති බව, අනාථ බව වගෙ, මේ පෘතුවි පියවි ලෝකෙ ඇති කරල තියෙන අවාසනාවන්තයැයි හඳුන්වන තත්වයන් එක්කල, තමන්ගෙ ලෝකෙ ගලපගන්න ඕන නම්, කරගන්න අවශ්‍ය පිනක් විදිහට හඳූන ගත්ත පිනක් තියනව. ඒ CSR කියල නම් කරපු පින. ඒකෙ තේරැම corporate social responsibility නොහොත් ව්‍යාපාරික සමාජ වගකීම. තවත් විස්තර කරනව නම්, ඒ කියන්නෙ කොහොම, කොහොම හරි, සමහරවිට හොඳින් හරි, නරකින් හරි, බිස්නස්ය, නිෂ්පාදනයය කියල, අපි දන්න නොදන්න වැඩ කරලා, හොඳට රහට මාර්කටින් කරල, ඕන නැති දේවලුත් එමට මවලා පෙන්නල, අති උත්කෘෂ්ඨ ලාබ ලබාගෙන ව්‍යාපාර ඉහලට ගෙනියල, ඉන් පස්සෙ ඒ ලබපු ලාබ වලින් කොටසක් CSR වැඩ වලට යෙදවීම.
මා මෙතෙන්දි කියන්න ඕන, මේ ලෝකෙත් හැමෝම එහෙම නැති බව. ආරම්බෙ ඉඳලම සමාජ හිතකර ව්‍යාපාර, සාධාරණව කරල, සේවකයන්ට හොඳ වැටුප් ගෙවල, ඒ අයගෙ සුබසාධණය සලස්වන ව්‍යාපාරත්, ව්‍යාපාරිකයනුත් මේ අප කියන ලෝකෙ ඉන්නව. ඒත් ඒ බහුතරය නෙවි, අල්පතරයක් විතරයි. ඒ හින්ද තමයි ඒ ලෝකෙයි, අප විඳින, දන්න පියවි, පොලොවෙ පය ගහල ඉන්න ලෝකෙයි දැන් ලෝක දෙකක් වෙලා, තුන හතරක් වෙන්න යන්නෙ.
දේශපාලන ලෝකෙත් අඩු වැඩි නැතුව සිද්ද වෙන්නෙ ඕකම තමයි. ඒගොල්ල ව්‍යාපාරික ලෝකෙ අය හුඟක් මහන්සි වෙලා කරන දේම, වෙන අයගෙ පිට උඩින් ගිහින් ජන්දෙන් පත්වෙලා, දේශපාලන අධිකාරියක් කියල එකක් හදාගෙන කරගන්නව.
දැන් දැන් මේ ඔක්කොම වැරදි ගැන විමසලා, ඒව ගැන අභියෝග ඉදිරිපත් කරල හදා ගැනෙන, තවත් සරැවට වැඩී ගෙන ලෝකයක් බිහි වේගන එනව. ඒ තමයි NGO ලෝකය.
මේ විදිහට වෙන වෙන ලෝක නැතුව, සියලු දේ තන්හාවට, නොසංසිඳෙන අසීමිත ආසාවන්ට යොමු නොකොට, බුද්ධියට, ඇවැසියාවන්ට, සාධාරණයට හා කරැණාවට ගෝචර වෙච්ච ලෝකයක් නේද අපට අද ඕන වෙලා තියෙන්නෙ කියල හිතිල, ඒ හිතුවිල්ල ඔබේ බුද්ධියේ විමසුමට යොමු කරන්නයි මගේ මේ වෑයම.
මෙනෙහි කරලා, මා හඟින දේ කියා ගන්න ඕන හින්දා ලිව්වෙ, රෙන්ටන් ද
අල්විස්, 2013 ජනවාරි 17 වනදාපරිප්පු නැති හෝටලයක් වගෙ"

No comments:
Post a Comment